උණුසුම් පුවත්දේශීය

විශ්වාසභංගයේ කථානායක තීරණය ඉදිරියේ දී…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අද (19) උදෑසන 9.30ටයි පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූයේ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බව කථානායකවරයා මෙහිදී කියා සිටියා.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බවයි කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේ.

Shares: