පෞද්ගලික බස් රථයක ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුවියකර ලිංගික හිංසාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (8) නියෝග කළා.
එසේ ඇප මත මුදා හැර ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කපිල ප්‍රසාද් ප්‍රේමචන්ද්‍ර නමැත්තෙක්.
කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි අධිකරණය එසේ නියම කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිකාර ශිෂ්‍යාව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 27 හැවිරිදි තරුණියක් බවයි.
පැමිණිලිකාර ශිෂ්‍යාව පසුගිය දිනක හොරණ ප්‍රදේශයේ සිට කොළඹ විශ්ව විද්‍යාලය බලා පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටින අතරතුර ඇය සිටි අසුනට පසුපස අසුනක සිටි සැකකාර පුද්ගලයකු ඉතා සූක්ෂම ආකාරයෙන් පැමිණිලිකාර තරුණියගේගේ පසුපස පෙදෙස අවස්ථා කිහිපයකදී මිරිකා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.
සිද්ධියෙන් අපහසුතාවයට පත් පැමිණිලිකාර ශිෂ්‍යාව තමන්ට සිදුව ඇති අතවරය සම්බන්ධයෙන් බස් රථය තුළ හඬ නගා ප්‍රකාශ කළ අවස්ථාවේ එම රථයේ සිටි සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් සැකකාර පුද්ගලයා අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ඇප මත මුදා හරින ලෙසයි.
අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් මස 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී දින නියම කළා.











