දේශීය

මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක්…

ශ්‍රී ලංකා රජයට ඒකාබද්ධ ග්‍රාමීය-නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project – IRDCRP) ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා වන මූල්‍යකරණ ගිවිසුම 2025 සැප්තැම්බර් 8 වන දින අත්සන් කරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලන් යන අය විසිනුයි.

Shares: