දේශීය

”කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ට්‍රම්ප්

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය “ඊශ්‍රායලය හෝ අමෙරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන” බව ද ජනපති ට්‍රම්ප් සඳහන් කරනවා.

Truth Social සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඊශ්‍රායලය දෝහා අගනුවර හමාස් සංවිධානයට පහර දෙන බව අමෙරිකානු හමුදාව විසින් තමාට දැනුම් දුන් නමුත්, “අවාසනාවකට මෙන්, ප්‍රහාරය නැවැත්වීමට ප්‍රමාද වැඩියි” යනුවෙනුයි.

එමෙන්ම ප්‍රහාරය සිදු වූ ස්ථානය පිළිබඳව තමාට “ඉතා කණගාටුදායක” හැඟීමක් ඇති බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාව පැවසුවේ කටාර්හි දෝහා නුවරට “නිශ්චිත පතොරම්” භාවිතා කරමින් හමාස් ජ්‍යේෂ්ඨ නායකයින් ඉලක්ක කර ගනිමින් “නිශ්චිත ප්‍රහාරයක්” සිදු කළ බවත්, එම මෙහෙයුමට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 15 ක් සම්බන්ධ වූ බවයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06ක් මියගිය බවයි හමාස් ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත්තේ.

Shares: