“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි.
ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.
ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේ.










