දේශීය

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

පෙ.ව.08.50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

පෙරවරු 09.10 ට පමණ බදුල්ල සහ හාළිඇල දුම්රිය ස්ථානයන් අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම එම ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ද ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකියි.

Shares: