ක්‍රීඩා

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට..

 

ඊයේ (13) පැවති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ පාකිස්ථානය අභිබවා යමින්.

ඒ අනුව, 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්ථාන කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

තවද , වත්මන් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එක රැකගෙන සිටින අතර, එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමි වී තිබෙනවා.

Shares: