2026 අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගයට අදාළ මාර්ගගත අයදුම්පත් භාරගැනීම අද (මාර්තු 24) සිට ආරම්භ වී, 2026 අප්‍රේල් 24 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.
විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සියලුම අයදුම්කරුවන්, තම අයදුම්පත් නිල වෙබ් අඩවි හරහා පමණක් ඉදිරිපත් කළ යුතුයි.
අයදුම් කිරීමට:
🔹 [www.doenets.lk](http://www.doenets.lk)
🔹 [www.onlineexams.gov.lk/eic](http://www.onlineexams.gov.lk/eic)
නියමිත කාලසීමාව තුළ අයදුම් කිරීම අනිවාර්ය වන අතර, අවසන් දින තෙක් නොරැඳී ඉක්මනින් අයදුම් කිරීම සුදුසුය.











