මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්රාමික යුද හමුදා සෙබලෙකු වන හල්මිල්ලවැව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.
මොරගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව මොරගොඩ හල්මිල්ලෑව ප්රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරුට අයිති හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගැනීමට සමත්ව ඇති අතර පොලිසිය සඳහන් කළේ එම දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බවයි.
පොලීසිය සිය භාරයට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු අද (15) කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත වනවා.











