උණුසුම් පුවත්

මහේන්ද්‍ර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට පිදුම් ලබයි

ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායක ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයමින් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා.

ඒ 36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (Singapore International Film Festival) දීයි.

එම චිත්‍රපට උළෙලේ ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ “රිවස්ටන්” චිත්‍රපටය වෙනුවෙනුයි ඔවුන් මෙම සම්මාන දිනා ගත්තේ.

එහිදී විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි “Best Director” සම්මානය ලලිත් රත්නායක මහතාටත්, විශිෂ්ටතම රංගනයට හිමි “Best Performance” සම්මානය මහේන්ද්‍ර පෙරේරා මහතා විසිනුත් හිමි කරගනු ලැබුවා.
.
එම සම්මාන සමගින් ඔවුන් ඊයේ (08) නැවත කටුනායකට පැමිණියේ රාත්‍රී 09.22ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 309 දරණ ගුවන් යානයෙනුයි.

එහිදී ශ්‍රී ලංකාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් සහ තවත් මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිසක්ද එක් වෙමින් ඔවුන් ඉතා උණුසුම් අයුරිනුයි පිළිගනු ලැබුවේ.
.
එමෙන්ම ලොව කැපීපෙනෙන රටවල් රැසක ශිල්පීන් සමග මෙහි ‘හොඳම රංගනය’ උදෙසා වු සම්මානය වෙනුවෙන් මහේන්ද්‍ර සහ මෙරට නව පරපුරේ දක්ෂයෙකු වන රන්දික ගුණතිලක ද නිර්දේශ වී තිබීම ද විශේෂත්වයක්.
.
රිවස්ටන් චිත්‍රපටය ජ්‍යාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඉන්දියාවේ 31 වැනි කොල්කටා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී සහ චීනයේ 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී මෙලෙස එම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූවා.

මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර,ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුනතිලක ඇතුළු ඇති දක්ශ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයක් රිවස්ටන් චිත්‍රපටයේ සිය රංගන කෞශල්‍යයෙන් දායක වෙයි.

Shares: