ව්‍යාපාරික

කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණයක්

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක් ලබාගැනීමට හැකියාව ඇති බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ප්‍රකාශ කළේ.

ඒ සඳහා 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති බව සඳහන්.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Shares: