දේශීය

ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.

බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙස නම්කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගිනුයි ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබෙන්නේ.

2019 වසරේ දී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාවත්, 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්වයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණා.

ඒ අනුව බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව හෙට පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතයි.

Shares: