කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට ගුවන්තොටුපළ විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්ය බහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට, අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම පිළිබඳව පෙර දැනුම් දී තිබූ සීමා කිරීම සංශෝධනය කර ඇති බව සඳහන්.
ඒ පහත පරිදියි,
එහිදී බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම නවතා තිබෙනවා.
නව සංශෝධනය අනුව සිකුරාදා දිනට මෙම සීමා කිරීම අදාළ නොවෙයි.
සියලුම ගුවන් මගීන් සහ ගුවන්තොටුපළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා මගීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් දැනුම් දෙනු ලබන්නේ.











