විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කර තිබෙනවා.
ඊයේ (18) ආරම්භ වූ මෙම ඒකකය සඳහා අනුයුක්ත කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16ක්.
‘විදේශ රැකියා නියාමන අධිකාරිය’ යන පදනම සහිතව 1985 ස්ථාපිත කළ මෙම ආයතනයෙහි කාර්යය වන්නේ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට ඔවුන්ගේ පැමිණිලිවලට සාර්ථක හා කඩිනමින් විසදුම් ලබාදීමයි.
විදේශ රැකියා වංචාවන් වැළැක්වීම හා පැමිණිලි සඳහා කඩිනමින් විසදුම් ලබා දී විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිට වූ බවයි මෙම අවස්ථාවට සහභාගී වූ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ.
එමෙන්ම නව රජය බලයට පත්වීමෙන් අනතුරුව කඩිනමින් මෙම ඒකකය ස්ථාපනය කිරිමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කළේ .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මං හිතන්නේ පසුගිය කාලවකවානු තුළ ගත්තොත් ලැබෙන පැමිණිලිත් වැඩිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විදේශ රැකියා වංචා කරන පාර්ශ්වය ගත්තොත් එහෙම ඉතාමත් සීඝ්‍රයෙන් එයාලා එක එක උපක්‍රමශීලීත්වය පාවිච්චි කරනවා. යම්කිසි ආකාරයෙන් පරිණාමනය වෙන කාණ්ඩායමක් තමයි මේ වංචාවලට එකතු වෙලා ඉන්නේ. ඇතැම් කණඩායම් කාර්යාංශයේ ලියාපදිංචි නොවු ඒජන්සි ආයතන විදියට වංචා කරනවා. තව සුලු පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි විදියට වංචා කරනවා. දැන් අපි දකින්නේ ඒක විතරක් නෙමෙයි විසිට් වීසා ආකාරයට, එ වගේම උපදෙස් දෙන ආයතන ලෙස මුවා වෙලා යම්කිසි ආකාරයෙන් කටයුතු කරන ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයෙන් උපක්‍රම පාවිච්චි කර වංචා කරනවා. ඒ නිසා ඒවාට හසුවන අය පැමිණිලි කරනවා”
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට අවශ්‍ය නම් නව පනතක් ලෙස හෝ විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.











