දේශීය

විශේෂ පොලිස් මෙහෙයුමෙන් පුද්ගලයන් 736ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් ‍දිවයින පුරා සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 736 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදියි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ.

අදාළ මෙහෙයුම්වලදී පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති පුද්ගලයින් ගණන 28,705 ක්.

මේ අතර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ බීමත් රියදුරන් 50ක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි

විශේෂ පොලිස් මෙහෙයුමේ ඊයේ දින වාර්තාව පහතින්,

Shares: