විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවරී ඇති බලතල අනුවයි.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ.












