දේශීය

ජනපති අද රාත්‍රියේ අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේ දී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහායි.
ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම ඔහු අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක් වනවා.

Shares: