ගෝනපොල ප්‍රදේශයෙන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී, “බෝගහගෙදර කොල්ලා” ලෙස හඳුන්වන 46 හැවිරිදි සැකකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ නිවසේ තිබූ බවුසරයක වෙනම මැදිරි දෙකක, ඩීසල් ලීටර් 6,600ක් සඟවා තබා තිබූ අතර, ඊට අමතරව ඩීසල් ලීටර් 152ක් සහ පෙට්‍රල් ලීටර් 120ක්ද සොයාගෙන තිබෙනවා.
මෙම ඉන්ධන තොගය නීතිවිරෝධී ලෙස රැස්කර තබාගෙන විකුණා තිබේද යන්න මේ වන විටත් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වාගෙන යනවා.
අත්‍යවශ්‍ය සම්පත් නීතිවිරෝධී ලෙස ගබඩා කිරීම, ජනතාවට බරපතළ ආර්ථික හා සමාජික බලපෑම් ඇති කළ හැකිය. එවැනි ක්‍රියා වලට නොපෙළඹෙන ලෙසත්, යම් හෙයකින් සිදුකළහොත් ඊට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවටත් ජනතාව දැනුවත් කර තිබෙනවා.











