මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේයි තැන්පත් කර ඇත්තේ.
අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.
බරපතල තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරයි ඇත්තේ.










