දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 717ක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම දිවයින පුරා මෙලෙස අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී ද සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇති.
ඊයේ දිනයේ සිදු කළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳ වාර්තාව පහතින්,
පරීක්ෂා කළ පුද්ගලයින් ගණන – 27,932
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 717
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 28
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 246
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන – 166
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් – 32
අපරික්ෂාකාරි රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් – 23
රථවාහන වෙනත් වැරදි – 3,747











