දේශීය

ජීවිත 1100ක් අවදානමේ දමා පියඹා ගිහින්.. වල් අලියෙක් ගැටී වාහනය පෙරලිලා.. අනතුරින් බර ගාණක් මිය ගිහින්..

දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ල රක්ෂිත ප්‍රදේශයේ දී අද 26 දින අලුයම කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වල් අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළී එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී කුකුළන් විශාල ප්‍රමාණයක් මියගොස් වල් අලියා කැලෑවට පැන ගොස් ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

දඹුල්ල දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය වේගයෙන් ගමන් කරද්දී එක වැරම අලියෙකු මාර්ගය හරහා පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කර තිබෙනවා.

එසේම, වල් අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් , එහිදී රථයේ පිටුපස සිටි කුකුලන් විශාල පිරිසක් මියගිය බවත් , තවත් කුකුලන් ප්‍රමාණයක් පණපිටින් පාර පුරා වැටී ඇති බවත් ප්‍රදේශවාසින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් , වනජීවී නිලධාරීන් සඳහන් කළේ, වල් අලියාට තුවාල සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි.

තවද , වල් අලියාට බියේ රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම රථය පෙරළී ගියේද , එසේත් නොමැති නම් වන අලියාගේ ගැටී මෙම අනතුර සිදුවූයේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව දඹුල්ල පොලිසිය සඳහන් කර තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ දී ලොරි රථයේ කුකුළන් 1100කට අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් ඇති බවත්, ලොරි රථයේ පුද්ගලයන් තිදෙනකු ගමන් කර ඇති බවත් සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ දඹුල්ල පොලිසිය පවත්වනු ලබනවා.

Shares: