දේශීය

ඉන්ධන මිල අඩු වුණාට බස් ගාස්තුවේ වෙනසක් නැහැ

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 බැගින් අඩු කෙරුණු අතර, භූමිතෙල් ලීටරයක මිල පහත දමනු ලැබුවේ රුපියල් 5කින්.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්, සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ.

Shares: