ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා.
මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මියයන අතර, දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමගින් වැලදෙන රෝගාබාධ නිසා අකාලයේ මරණයට පත්වන බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදුකළ අධ්‍යනයකට අනුව 2023 වන විට ලංකාවේ මධ්‍යසාර භාවිතය නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක්.
මේ හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙනු ඇති.










