තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙක්.
තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පොලිසිය පැවසුවේ තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයින් බවයි.
තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










