දේශීය

පළාත් 02ක සිසු හෙද පුහුණු පරික්ෂණ හෙට සහ අනිද්දා

දකුණු පළාත සහ ඌව පළාතට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට (04) සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල හෙද විදුහල්වලදීත්, ඌව පළාතේ සියළුම දිස්ත්‍රික්කවලට අදාළව බදුල්ල හෙද විදුහලේදීත් පැවැත්වෙන බවයි.

ඒ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

Shares: