දේශීය

තරුණයින් 02ක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව 32 හැවිරිදි අයෙක්.

Shares: