ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu ) ඉල්ලා අස්වී තිබෙනවා.
ෆ්රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අද (06) උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගය නිවේදනය කළේ අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බවයි.
මේ අනූව 1958න් පසු ප්‍රංශයේ කෙටිම කාලයක් සේවය කළ අගමැති බවට ඔහු පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.










