පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබෙනවා.
එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කළේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ මෙම භූකම්පනය ඇති වී ඇති බවයි.
ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහිදී පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බවට වාර්තා වනවා.
පිලිපීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පළමු සුනාමි රළ පිලිපීන වේලාවෙන් රාත්‍රී 11:43ට පෙර පැමිණිය හැකි බවත්, පැය ගණනක් එය පැවතිය හැකි බවයි.
මේ අතර ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මුහුදු රළ ද මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වාර්තා කරනවා.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය භූ කම්පනයේ කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක් (සැතපුම් 186ක්) ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.











