දේශීය

විදුලි වාහන හා පාරිභෝගික උනන්දුව ගැන පැහැදිලි කිරීමක්

විදුලි වාහන වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කළ හැකි නිසා පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති බව එම වාහන හිමිකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු දිලක පිටගම්පොළ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නමුත් වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග පාරිභෝගිකයන් මේ ගැන දැනුමින් උනන්දුවෙන් පසුවුවද එම වාහන සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න හා නඩු කටයුතු නිසා නැවතත් ඔවුන් තුළ කුතුහලයක් ඇතිව ඇති බවයි පිටගම්පොල මහතා සඳහන් කරන්නේ.

එසේම එම සංගමයේ කැඳවුම්කරු ප්‍රකාශ කළේ දැනට රේගුව භාරයේ පවතින electric වාහන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳ පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් ලංකාවේ න්‍යායාත්මක ප්‍රශ්න තිබෙන බවයි.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් වඩාත් යෝග්‍ය බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මෙය ජාත්‍යන්තර ආයෝජනවලටත් බලපෑ හැකි හෙයින් මේ සම්බන්ධව රජය මැදිහත් වී ඊට අවධානය හොමු කරන ලෙස ද පිටගම්පොල මහතා ඉල්ලා සිටිනවා.

Shares: