‘දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගාසිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබාගැනීමේ ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමිනුයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අද (3) මේ බව පැවසුවේ.
ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමට ‘0712666660’ යන දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබාදෙන ලෙසයි.
මෙම දත්ත ලබාගැනීම මෙම මස 16වනදා ප.ව. 2ට පෙර සිදුකළ යුතු අතර, තොරතුරු ඇතුළත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදුකළ හැකි වනවා.
එසේම ඊට අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකි බවද මෙම නිවේදනයේ සඳහන්.
තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අදාළ සහාය ලබාදීමටත් සම්බන්ධීකරණය කරගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.
තවද ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටත්, කර්මාන්ත ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමටත් ඒකාබද්ධව, සාමූහිකව කටයුතු කරන ලෙසයි සියලු කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.










