දේශීය

පස් කන්දක් කඩා වැටී අයෙක් ජිවිතක්ෂයට

පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (15) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Shares: