ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මධ්‍යම, උතුරු-මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට දරුණු අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන්.
එමෙන්ම හදිසි ආධාර අවශ්‍යතා සඳහා දේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසද ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙනු ලබයි.












