දේශීය

දකුණ මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය 53kgක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණ මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසනවා.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මතයි මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාල්ල ධීවර වරායට රැගෙන එනු ලැබුවේ.

එහිදී සිදු කළ සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙනයි ඇත්තේ.

Shares: