හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.
T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුඩ්ලර් මහතා පැවසුවේ.
ඊයේ රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසට වෙඩි පහර 04 ක් එල්ල කර පලාගොස් තිබුණා.
එම නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ නිවෙස් හිමියන්ගේ පුතුන් ඉතාලියේ ජීවත්වන බවත්, ඔවුන් අතර එහිදි ඇති වූ පුද්ගලික ආරවුලක් වෙඩි තැබිමට හේතුවී ඇති බවයි.











