විදෙස්

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100 ඉක්මවයි

2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවයි ඊට අදාළ දත්ත වාර්තා අද (20) නිකුත් කරමින් එහි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

අදාළ කාලය තුළ, චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බව ද එම වාර්තාවන් හි වැඩිදුරටත් දැක්වෙනවා.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දී ඇත්තේ මෙවැනි වර්ධනයක් හිමි කර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයෙහි සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කිරීම ද කැපී පෙනෙන්නක් බවයි.

Shares: