අද (2025/10/21) නව ජනතා පෙරමුණේ කොළොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර මහතා, කොළොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ මහතා, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් රණතුංග මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා වෙත ලිපියක් භාර දෙමින්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් අධිකරණයට සිදු කළ අපහාසය සම්බන්ධයෙන් නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදු කළහ.
ඒ අවස්ථාවේ අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා පැවසීය:
“පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රාජ්‍ය ආයතනයකින් ලබාගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටද, එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙස උපදෙස් දීමටද යොමුවිය. මේ මාලිමා ආණ්ඩුව දැන් උත්සාහ කරන දේ වන්නේ එය සාධාරණිකරණය කිරීමය — එනම්, එය පරිපාලනමය කටයුත්තක් ලෙස නිරූපණය කිරීමය.”
“අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, ලක්මාලි මන්ත්‍රීනි අධිකරණයට අපහාස කර නැති බවත්, ඇය සිදු කළේ පරිපාලනමය සාකච්ඡාවක් පමණක් බවත්ය. නමුත් අපිට මතක් කරන්නට අවශ්‍ය වන්නේ, මේ වන විට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය මහතා විසින්ද අධිකරණ තීන්දුවක් පරිපාලනමය තීන්දුවක් බවට පත් කර ක්‍රියාත්මක නොකළ බවයි.”
“ලක්මාලි මන්ත්‍රීනි ප්‍රසිද්ධියේදී රාජ්‍ය නිලධාරින්ට නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස උපදෙස් දීමෙන් පෙනෙන්නේ, මේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ සාමාජිකයින්ට පමණක්ද යන්න පිළිබඳ සැකයක් ඇති වීමයි. මෙය මුළු අධිකරණ පද්ධතියටම අභියෝගයක් බව අපි විශ්වාස කරමු.”
“අධිකරණ තීන්දුවක් නීතිඥවරියක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස විවේචනය කිරීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයකි. එබැවින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලා සිටින්නෙ, රටේ අධිකරණයේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරමින් නිසි දඩුවම් ලබාදිය යුතු බවයි.”
“මීට පෙර අපි දැක්කා, ලාල් කාන්ත මහත්තයා බලය ලබාගැනීමට පෙර පවසා සිටියේ ‘නඩු අහන බලය ගමට ලබාදෙන්න’ කියාය. අද ඒ කාරණා සැබෑවක් බව පෙනෙයි. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය එම ප‍්‍රකාශය සැබෑ කරමින් යමින් පෙනේ.”
“අපට දැන් සැකයක් තියෙනවා — මේ මාලිමා ආණ්ඩුවේ සැබෑ මනෝභාවය මෙයද? ලක්මාලිට පමණක් නොව, මුළු ආණ්ඩුවම මේ ක්‍රියාවලියට සම්බන්ධ බව පෙනේ. නමුත් මාලිමා ආණ්ඩුවට එරෙහිව විවේචන තිබුණත්, රටේ අධිකරණයේ ගරුත්වය හා ස්වාධීනත්වය අපහාස කිරීමට අපි ඉඩ දෙන්න බැහැ.”
“මීට පෙර අධිකරණයට අපහාස කිරීම නිසා එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලනඥයින්ටත් නීතිය තදින් ක්‍රියාත්මක වුණා. එබැවින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීනියට එරෙහිව ගනු ලබන තීරණය ගැන අපි අවධානයෙන් සිටින්නෙමු. ඇය වහාම අත්අඩංගුවට ගෙන, නීතිඥභාවය අහෝසි කිරීමටද කටයුතු කළ යුතුය. අධිකරණ සේවා කොමිෂන් සභාව ගන්නා තීරණය දෙස මුළු රටම අවධානයෙන් සිටී.”
“එසේම, නව ජනතා පෙරමුණ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීනිය අධිකරණයට සිදු කළ අපහාසය සම්බන්ධයෙන් අදාළ අධිකරණයේ නඩු පවරන්නට බලාපොරොත්තු වේ.”
“ආණ්ඩුව පොලිස්පතිවරයාට පොලිස් සේවා කොමිෂන් සභාවේ බලතල ලබාදීමෙන් පසුව පොලිසියේ ස්ථානාධිපතිවරුන් සීයකට ආසන්න පිරිසක් ස්ථාන මාරු කරමින් පොලිසිය දේශපාලනික කළා. දැන් ඒ අත්පොළඟ අධිකරණයටත් පටවන්නට උත්සාහ කරයි. නමුත් රටට මේ මොහොතේ ඇති එකම පිහිට අධිකරණය පමණක් බව අපි සතුටින් පෙන්වා දෙන්නෙමු. ඒ නිසා අධිකරණය හෙළා දැකීමේ මෙවැනි උත්සාහයන්ට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. නව ජනතා පෙරමුණ එය සඳහා අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නට සූදානම් බවද දැනුම් දෙන්නෙමු.”










