වහාම ක්‍රියාත්මක වන පරිදි හරින් ප්‍රනාන්දු මහතාට නව ප්‍රධාන තනතුරක් ප්රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
එහිදී දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙසයි හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරන්නේ මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම ඔහුට ලබා දුන් තනතුරේ වගකීම බවයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බවට වාර්තා වනවා.










