වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අනාවරණය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එමෙන්ම එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඝාතන සිද්ධිය ගැන අද (22) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේදී අද සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් රට තුළ සිදුවන අපරාධ මර්දනයට සියලුම පියවර ගෙන ඇති බවයි.
මන්ත්‍රීවරයෙකු, සභාපතිවරයෙකු හෝ රටේ ඕනෑම පුරවැසියෙකුගේ ජීවිත ආරක්ෂා කිරීමට රජය බැඳි සිටින බවත්, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පලකරන බවත් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා.











