පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්රයෙන් පහළ බසිමින් පවතිනවා.
ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්.
මෙරට වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වායි ඉහළ ගියේ.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 330,000ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 රත්රං පවුමක් සටහන් වූ මිල රුපියල් 302,300ක්.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් තිබෙනවා.











