කාළගුණය

අවවාදාත්මක නිවේදනයක්.. කාලගුණය ගැන දැනුවත් වන්න..

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්, සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇති.

අද (26) පෙ.ව. 08.30 ට නිකුත් කරන ලද නිවේදනය හෙට (27) පෙ.ව. 08.30 වන තෙක් වලංගු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50–60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Shares: