වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදී බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව වැඩිදුරටත් සඳහන්.
එසේ වෙතත් , සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.










