පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමක දී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දොම්පේ, නාගහදෙණිය, පාළුගම ප්‍රදේශයේ දීයි ඊයේ (26) මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 196 ග්‍රෑම් 218ක් සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු 44 හැවිරිදි දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම මෙම පුද්ගලයා ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පයිලට් සාජන්වරයෙකු ලෙස සේවය කර 2022 වසරේ ජනවාරි මස විශ්‍රාම ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
එසේම සැකකරු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන අධිකරණය මගහැර වරෙන්තු ලබා සැඟව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා බවටයි අනාවරණය වී ඇත්තේ.











