දේශීය

විදෙස්ගත ලාංකිකයින්ටත් ඡන්ද අයිතිය ලබාදෙන්න සැලසුම්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ,

“දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා විදේශගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන්න. විදේශ ගත ඔබ සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන්න අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් සිදුකරමින් තියෙනවා.”

යනුවෙනුයි.

Shares: