වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
අද (27) පස්වරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පියවර ගෙන තිබුණේ ඔහු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.
ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය 22 වැනිදා සිය නිල කාමරය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එම ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු ඊයේ දිනයේකැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අතර වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමග පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් තිදෙනෙකු වන බවයි පොලීසිය පැවසුවේ.
ඊයේ රාත්‍රී මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අගුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
පොලිසිය ප්‍රකාශ කළේ එම සැකකරු සහ සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් 05 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.











