කාළගුණය

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එහිදී අද (27) පස්වරු 4:00 සිට හෙට පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:

  • ⁠නාගොඩ
  • ⁠ඇල්පිටිය
  • ⁠බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය:

  • යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • කෑගල්ල
  • ⁠මාවනැල්ල
  • ⁠යටියන්තොට
  • ⁠අරණායක
  • ⁠දෙහිඹ්විට
  • ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:

  • කලවාන
  • ⁠ඇහැළියගොඩ
  • ⁠රත්නපුර

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක
  • ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

  • නෙළුව
  • ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

  • ඉංගිරිය
  • ⁠වලල්ලාවිට
  • ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:

  • ⁠දෙල්තොට
  • ⁠දොළුව
  • ⁠උඩුනුවර
  • ⁠උඩපලාත
  • ⁠පාතදුම්බර
  • ⁠පාතහේවාහැට
  • ⁠ගග ඉහල කෝරළය
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠රුවන්වැල්ල
  • ⁠වරකාපොල
  • ⁠බුලත්කොහුපිටිය
  • ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම
  • ⁠අලව්ව
  • ⁠නාරම්මල
  • ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

  • රත්තොට
  • ⁠යටවත්ත
  • ⁠උකුවෙල
  • ⁠පල්ලෙපොල
  • ⁠ලග්ගල
  • ⁠නාඋල
  • ⁠අඹන්ගඟ කෝරළය

මාතර දිස්ත්‍රික්කය:

  • වැලිපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

  • අඹගමුව
  • ⁠හගුරන්කෙත
  • ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠ඉඹුල්පෙ
  • ⁠කිරිඇල්ල
  • ⁠කුරුවිට
  • ⁠අයගම
  • ⁠පැල්මඩුල්ල
Shares: