උණුසුම් පුවත්

හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ – මහජන ආරක්ෂක අමාත්‍ය

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන කටයුතු ඊට අදාළ නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේ දීයි.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින්, ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.

Shares: