ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් උපනායක සිඩ්නිහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ

ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25) පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෛද්‍යවරු විසින් අයියර්ගේ රුධිර වහනය නැවැත්වීමට දැඩි උත්සාහයක් දරන බවත්, ඔහුට තවත් දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බවත් එහි සඳහන්.

තත්ත්වය යහපත් නොවන්නේ නම් ඔහුට තවදුරටත් රැඳී සිටීමට සිදුවන ඇති.

ඕස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ අයියර්ගේ පවුලේ සාමාජිකයෙකු හැකි ඉක්මනින් සිඩ්නි නුවරට පැමිණීමට නියමිත බවයි.

Shares: