වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණ කළා.
පොලිස් නිලධාරියෙකු වරදක් පෙන්වා දුන් විට ඒ පිළිබඳ නිහතමානීව සිතා බලා සහාය ලබා දෙන ලෙසයි එහිදී එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් ගාලුපාර ඔස්සේ පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රියක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් හඹා ගොස් නීතියේ රැහැනට හසුකර ගනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා පස්වරුවේයි.
එම සිද්ධියට අදාළ හඹායාම එම නිලධාරීන් ජංගම දුරකථනයෙන් රූගත කර තිබූ අතර එය සියලු දෙනාගේ මහත් අවධානයට ලක්වුණා.
කෙසේහෝ හඹා ගොස් රත්මලානේදී අත්අඩංගුවට ගත් මෙම වෑන් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවත්, ඔහු අපරාධවල සැකකරුවකු බවත් පසුවයි අනාවරණ කර ගැනුණේ.
අදාළ රියදුරු නීතියේ රැහැනට හසුකරගැනීමට සමත් වූයේ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ බී.ඒ.ඩී.එල්.ජයසේන හා සුමිත් කුමාර් යන පොලිස් කොස්තාපල්වරුන්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම නිලධාරීන් දෙදෙනා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් එදින සිදුවීම පිළිබඳ මෙලෙස කරුණු අනාවරණ කළා.










