ව්‍යාපාරික

2026දී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකියි – IMF

එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසිනුයි ඒ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත්, පසුගිය වසරේ වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර තිබෙනවා.

මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බවයි එහිදී අදහස් පළ වූයේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර, 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවයි.

Shares: