හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (30) හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ මෙම 2025.04.29 වන දින අලුයම් කාලයේ දීයි.
ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන දියත් කරයි තිබුණේ.
ඒ අනුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 40ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










